සුනඛ පාවෝ රෝගය

මේ දින වල සීඝ්‍රයෙන් පැතිර යන, මාරාන්තික සුනඛ පාවෝ රෝගයෙන් ඔබේ සුරතලා සුරක්ෂිතද?

සුනඛ පාවෝ රෝගය ඉතා මාරාන්තික රෝගයකි. මෙය මූලිකවම ආහාර මාර්ගය ආශ්‍රිත රෝගි තත්ත්වයක් ඇති කරනු ලබයි.ඊට අමතරව සුනඛයන්ගේ ඇට මිදුළු හා හදවතට ද ආසාදනය කළ හැකිය.එය වැළඳීමෙන් පසු නිසි ප්‍රතිකාර නොමැතිව 90%ක් පමණ සුනඛයින් මරණයට පත් වේ.

🔴 පාවෝ වෛරසය ශරීරගත වී දින 5 – 7 අතර කාලයක් තුළ රෝග ලක්ෂණ පෙන්වයි.

👩‍⚕️පාවෝ රෝගයේ රෝග ලක්ෂණ,

🔴 ලේ අතීසාරය ( අධික දුගඳක් සහිතව දුඹුරු හෝ රතු පාටින් මලපහ පිටවීම)

🔴 වමනය

🔴 කෑම අරුචිය

🔴 අලස බව

🔴 ශරීරයේ බර අධික ලෙස අඩුවීම

🔴 විජලනය

මෙය වෛරස් රෝගයක් වන නිසා නිසි ප්‍රතිකාරයක් නොමැත. සත්ත්වයා විජලනයෙන් වළක්වා ගැනීමට Fluid Therapy සහ රෝග ලක්ෂණ සඳහා ප්‍රතිකාර ලබා දෙනු ලැබේ. එමෙන්ම ද්විතීයික බැක්ටීරියා ආසාදන (Secondary Bacterial Infection) ඇති වීම වැළක්වීමට ප්‍රතිජීවක ඖෂධ (Antibiotics) ලබාදීමක් ද සිදු කෙරේ.

🔴 රෝගයේ අවධානම් පාර්ශ්ව ලෙස සති 6 සිට මාස 6 දක්වා වූ සුනඛ පැටවුන් සහ පාවෝ රෝගය සඳහා එන්නත් නොකරන ලද සුනඛයින් දැක්විය හැකිය.

👩‍⚕️රෝගය පැතිරෙන ආකාරය,

රෝගී වූ සතෙකුගේ වෛරස් අන්තර්ගත වමනය හෝ මලපහ මගින් හෝ රෝගී වූ සතෙකුගේ වෛරස් තැවරුණු වටපිටාව හෝ බඩු බාහිර ආදිය මගින් නීරෝගී සතෙකුට වෛරසය ආසාදනය විය හැකිය.

👩‍⚕️රෝගය වළක්වා ගන්නා ආකාරය,

🔴 කුඩා සුනඛයින් පාවෝ රෝගය සඳහා එන්නත් නොකරන ලද සුනඛයින්ගෙන් ඈත් කර තැබිය යුතුයි.

🔴 එන්නත් නොකරන ලද සුනඛ පැටවුන් බාහිර පරිසරයට රැගෙන යාමේ දී විවිධ ස්ථාන ලෙව කෑම , සපා කෑම සහ ඉව කිරීම සිදු කිරීමෙන් වළක්වා ගත යුතුය.

🔴 ළඟම පශු වෛද්‍යවරයා හමු වී මාරාන්තික පාවෝ රෝගයෙන් ඔබගේ සුරතලාව ආරක්ෂා කරගැනීමට අදාළ එන්නත් ලබාගන්න.

About the Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may also like these

No Related Post